Tuesday 19 June 2012


පාලුවෙන් හිටි සීතල රැයවල
තනියම හඳ දිහා බලාගෙන 
තාම  නොආපු   නුඹ ගැන
හීන මැව්වා තමයි 

තනිකමෙන් උන්නාට
අහංකාර හිත ළඟට 
කාටවත්ම එන්නට
ඉඩ නොදුන්නා තමයි

නුඹ දුටු මුල් දවස
අද වගේ මතකයි මට
පෙම් සිත මුල් වරට
පන ගැහුනා මතකයි

කල්පයක් තරමට
කල්පනා කරපු මම
තත්පර දහයෙන් පන්ගුවකින්ම
නුඹ හා සිතින් බැඳුනා තමයි

මතකද මාව
නුඹේ කරගත් දවස
මම යලි උපන්නේ
එන්න ඒ දවසේ තමයි

Sunday 3 June 2012

මට දුන්නු ආදරේ මහමෙරක් තරම්මයි
මට දුන්නු නුඹේ හිතත් ඒ වගේමයි, ඇත්තමයි
හැමදාම මගේ ලොවට උදා වෙන්නේ  නුඹයි
මගේ හීන ඒ එළියෙන් ගොඩනගන්නෙත් නුඹයි

මගේ හුස්ම සොයන්නේ නුඹවමයි
ඒ හුස්ම වැටෙන්නෙත් නුඹ නිසයි, ඇත්තමයි
සඳ නුඹයි, හිරු නුඹයි, මගේමදැයි මට සිතෙයි
නුඹ එළියෙන් පායන තරු කැටය මම තමයි