Tuesday 19 June 2012


පාලුවෙන් හිටි සීතල රැයවල
තනියම හඳ දිහා බලාගෙන 
තාම  නොආපු   නුඹ ගැන
හීන මැව්වා තමයි 

තනිකමෙන් උන්නාට
අහංකාර හිත ළඟට 
කාටවත්ම එන්නට
ඉඩ නොදුන්නා තමයි

නුඹ දුටු මුල් දවස
අද වගේ මතකයි මට
පෙම් සිත මුල් වරට
පන ගැහුනා මතකයි

කල්පයක් තරමට
කල්පනා කරපු මම
තත්පර දහයෙන් පන්ගුවකින්ම
නුඹ හා සිතින් බැඳුනා තමයි

මතකද මාව
නුඹේ කරගත් දවස
මම යලි උපන්නේ
එන්න ඒ දවසේ තමයි

Sunday 3 June 2012

මට දුන්නු ආදරේ මහමෙරක් තරම්මයි
මට දුන්නු නුඹේ හිතත් ඒ වගේමයි, ඇත්තමයි
හැමදාම මගේ ලොවට උදා වෙන්නේ  නුඹයි
මගේ හීන ඒ එළියෙන් ගොඩනගන්නෙත් නුඹයි

මගේ හුස්ම සොයන්නේ නුඹවමයි
ඒ හුස්ම වැටෙන්නෙත් නුඹ නිසයි, ඇත්තමයි
සඳ නුඹයි, හිරු නුඹයි, මගේමදැයි මට සිතෙයි
නුඹ එළියෙන් පායන තරු කැටය මම තමයි

Tuesday 3 April 2012


මට දෙන්න බැරි උන හාදුව
අනේ අද හඳටවත් දෙන්න
ඒ උණුසුමින් තරු පීදේවී, මල් පිපේවි
සුරගනන් නටාවි

ඒ මල් පොකුරක් නෙලාගෙන
සුරගන්නන්ගෙන් මං අසාගෙන
තරු වැටුන පාර  දිගේ
හෙටවත් එන්න, මගේ නළලත හාදුවක් තබා යන්න 

Thursday 15 March 2012

හීන යට ඉඳගෙන
අහසේ තරු ගනින්නට
තරුවලට පන දෙන්න
ආසයි මටත් තරුවක් වෙන්න

වලාවන් අතර පාවීගෙන
ඔබ දිහා බලන්න
ඔබට පෙම් බදින්න
ආසයි ඔබේ  හීනෙකට එන්න

Wednesday 14 March 2012

ලිහී ගිය ජීවිතය 
යලි නෙතට කැන්දාන
එහි අරුත කියා දුන් 
නුඹ සොඳුරු කවි පොතක්

පොද වැටෙන වැසි දිය අතර
එකම එක දිය පොදකි මම
පවුරු බැඳ වට වැසි රකින
නුඹ විසල් සමුදුරක්

බිඳෙන් බිඳ එකතු කල
හද ගැබේ නිදන් කල 
ප්‍රේමයේ දොරටු හැරි
නුඹ සොදුරු සිත්තමක්

සත්තමි මට තවත්
දරන්නට නොහැකි ලෙස
මගේ හදේ කුරුටු ගෑ
නුඹ කුරුටු ගීතයක්