තනියම හඳ දිහා බලාගෙන
තාම
නොආපු නුඹ ගැන
හීන මැව්වා තමයි
තනිකමෙන් උන්නාට
අහංකාර හිත ළඟට
කාටවත්ම එන්නට
ඉඩ නොදුන්නා තමයි
නුඹ දුටු මුල් දවස
අද වගේ මතකයි මට
පෙම් සිත මුල් වරට
පන ගැහුනා මතකයි
කල්පයක් තරමට
කල්පනා කරපු මම
තත්පර දහයෙන් පන්ගුවකින්ම
නුඹ හා සිතින් බැඳුනා තමයි
මතකද මාව
නුඹේ කරගත් දවස
මම යලි උපන්නේ
එන්න ඒ දවසේ තමයි